Saturday, October 15, 2016

නාරං සහ දොඩම් වගා කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න



ලොව ජනප්‍රිය පළතුරක් වන දොඩම් අපේ රටේත් ඉතා සාර්ථකව වගා කල හැකියි. නාරං Citrus reticulata යන විද්‍යාත්මක නමින් ද දොඩම් Citrus sinensis L යන විද්‍යාත්මක නමින් ද හඳුන්වයි. අපි මෙහි දී නාරං සහ දොඩම්, දොඩම් වශයෙන් පොදු වේ හදුන්වමු.




1. දේශගුණික අවශ්‍යතා

දොඩම් ගස්වල මල හට ගැනීම සඳහා සෙල්සියස් අංශක 21 ට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ට වඩා වැඩි ප්‍රදේශවල දී මල් හට ගැනීම සඳහා මාසයක පමණ වියළි කාලයක් අවශ්‍ය වෙනවා. මෙම වියළි කාලයේ දී මාසයක් පමණ දොඩම් ගස් වලට ජලය සැපයීම නොකරන්න. මේ ආකාරයෙනුත් මල් හට ගැනීම ඩු නම්, යූරියා අවුන්සයක් ලීටර් 16 ටැංකියකට දියකර පත්‍ර මතට ඉසින්න.



2. දොඩම් පැල සාදා ගැනීම

දේශිය නාරංවල, බීජ පැල කර සිටුවීමට යොදා ගත හැකිය. දොඩම් බද්ධ පැල සිටුවීමෙන් මව් ශාකයට සමාන රසයෙන් සහ පෙනුමෙන් යුත් ගෙඩි ලබා ගත හැකිය. බද්ධ පැල සාදා ගැනීමට, රෆ් ලෙමන් හෝ පිලිපීන් රෙඩ් ලයිම් ගෙඩිවල ඇට වෙන් කරගන්න. මෙම බීජ වැලි තවානක සිටුවා පැල කරගන්න. පැල අඟල් දෙකක් පමණ උස් වූ විට අඟල් 6 ප්‍රමාණයේ පොලිතීන් බදුන් වල සිටවීමට අවශ්‍යය වෙනවා. මෙම පැලවල කඳ, පැන්සලක පමණ මහතට වර්ධනය වූ විට බද්ධ කිරීම සඳහා ග්‍රාහක පැල වශයෙන් යොදා ගත හැකිය. බද්ධ කිරීම සඳහා අංකුර ලබා ගැනීමේ දී, වැඩි අස්වැන්නක් ලබා දෙන, හොඳ රසයකින් යුත් ගෙඩි හට ගන්නා, නීරෝගී ගස් වලින් අතු ලබා ගන්න. පැන්සලක් පමණ මහත අතු කපා ගෙන අංකුර සමග ලීයේ කොටසක් ද සමග කපා ගන්න. ග්‍රාහක පැලයේ එවැනි කොටසක් ඉවත් කර එම ස්ථානයට අංකුරය තබා පොලිතීන් පටියකින් තදින් වෙලන්න. අංකුරයේ පොත්තේ එක් කොටසක් හෝ ග්‍රාහක පැලයේ පොත්ත සමග සම්බන්ධ වන අයුරින් තැබීමට මතක තබා ගැනීම ඉතා වැදගත්. මාසයකට පමණ වූ පසු පොලිතීන් පටි ඉවත් කල හැක. මෙම බද්ධය පතුරු බද්ධය ලෙස හැදින්වේ. දොඩම් සඳහා ටී බද්ධය සහ රිකිළි බද්ධය ද සාර්ථකව සිදු කල හැකිය.



3. පැල සිටුවීම

දිග, පළල හා ගැඹුර අඩි 2 ක් පමණ වන වලවල් කපා,  කාබනික පොහොර කිලෝ 10 ක්, යූරියා ග්රෑම් 80 ක්, ටීඑස්පී ග්රෑම් 100 ක් සහ එම්ඕපී ග්රෑම් 45 ක් එක් වලකට යොදා පස් සමඟ හොඳින් කලවම් කරන්න. ඉන් පසු ජලය යොදා තෙත් කර පැල සිටුවන්න. පැල හා පේලි අතර අඩි 6 ක් වන සේ වලවල් කපා පැල සිටු වන්න. අවුරුදු 10 ක්  වූ විට ගස් ර පරතරය අඩි 12 ක් වන සේ එක් ගස් පේලියක් ඉවත් කල යුතු වේ.



4. පොහොර යෙදීම

එක් පැලයකට, මාස හතරෙන් හතරට පහත සඳහන් පොහොර ප්‍රමාණය යොදන්න. පළමු වසරේ දී, යූරියා ග්රෑම් 100 ක්, ටීඑස්පී ග්රෑම් 120 ක්, එම්ඕපී ග්රෑම් 20 ක්  යොදන්න. දෙවැනි වර්ෂයේදී, යූරියා ග්රෑම් 150 ක්, ටීඑස්පී ග්රෑම් 150 ක් සහ එම්ඕපී ග්රෑම් 30 ක් යොදන්න. තුන්වන වර්ෂයේදී, යූරියා ග්රෑම් 200 ක්, ටීඑස්පී ග්රෑම් 180 ක් සහ එම්ඕපී ග්රෑම් 40 ක් අවශ්‍යයි. ඉන් පසුව, යූරියා ග්රෑම් 110, ටීඑස්පී ග්රෑම් 210 ක් සහ එම්ඕපී ග්රෑම් 130 ක් යොදන්න.



5. ගස් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම

දොඩම් පැලයක් අඩි 2 ක් පමණ උස් වු විට, අග රිකිල්ල කපා ඉවත් කරන්න. ඉන් පසුව, අතු 5 ක් පමණ වැඩීමට හැර, අළුතින් ඇතිවන රිකිලි කඩා ඉවත් කරන්න. අතු වල පත්‍ර 7-8 ක් ඉතිරි කර. අත්තේ අග කොටස කපා ඉවත් කරන්න. ඉන් පසු මෙම අතුවල බරක් එල්ලීමෙන් හෝ ආධාරක කෝටු භාවිතයෙන් පහතට තරමක් නවා, විහිදී වැඩීමට සලස්වන්න. කටු කපා ඉවත් කරන්න. ඉතා සරුවට වැඩෙන දිය රිකිලි ඉවත් කරන්න. දුර්වල අතු සහ මැරී යන අතු කපා ඉවත් කරන්න. ගෙඩි හට ගන්නා පැරණි ගස්වල මැරී යන අතු ඉවත් කරන්න.





6. වගාව නඩත්තු කිරීම

ත්‍ර කහ පැහැ වේ නම්, යූරියා ග්රෑම් 10-20 ක් සහ එප්සම් සෝල්ට් ග්රෑම් 10-20 ක්, වතුර ලීටරයක දියකර පත්‍ර මතට ඉසින්න. මේ සමගම සින්ක් සල්පේට් ද මිශ්‍ර කල හැකිය. නමුත් එක්  වරකට යොදන මුළු පොහොර ප්‍රමාණය ජලය  ලීටරයකට ග්රෑම් 50 ට අඩු විය යුතුය. නියඟ කාලය ආරම්භවීමට මාසයකට පෙර, සති දෙකකට වරක් සල්පේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 20 ක්, ජලය ලීටරයක දියකර ඉසින්න. සින්ක් සල්පේට් සමඟ සල්පේට් ඔෆ් පොටෑෂ් එකට යොදන්න එපා. පත්‍ර 25 කට එක් ගෙඩියක් ඉතුරු වන සේ, අනෙක් ගෙඩි කුඩා අවධියේ දීම කඩා ඉවත් කරන්න. වැඩි ගෙඩි ඉවත් කිරීමේදී, ගෙඩියට සම්බන්ධ වන නටුව මහත නම් එම ගෙඩි ඉවත් කරන්න. ගෙඩි කහ පැහැයට හැරීමට පටන් ගන්නා විට කැල්සියම් කාබනේට් ග්රෑම් 160 ක්, ලීටර් 16 ටැංකියට දියකර ගස් 50 කට සති දෙකෙන් දෙකට යොදන්න. මෙමඟින් දොඩම් ගෙඩිවල කහ පැහැය, රසය සහ කල් තබා ගැනීමේ හැකියාව වැඩිවේ.



7. ජල සම්පාදනය

වියළි කාලයේ දී සතියකට වරක් ජලය සපන්න. ගස්වල වයස අවුරුදු දෙකක්  පමණ වන විට, මල් හට ගැනීම සදහා වර්ෂා කාලය ආරම්භවීමට පෙර, මාසයක පමණ වියළි කාලයක් අවශ්‍ය වෙනවා. මෙම කාලයේ දී ජලය සැපයීම නතර කරන්න.



8. අස්වනු නෙළීම

ගෙඩි කහ පැහැ ගැන්වුනු විට සෙකටියරයකින් නටුව කපා අස්වැන්න නෙලා ගත හැකිය.



9. රෝග හා පළිබෝධ පාලනය

සිට්‍රස් ට්‍රිස්ටිසා වෛරස් රෝගය

මෙම රෝගය නිසා ගස් දුර්වල වී මැරී යයි. පිලිපීන් රෙඩ් ලයිම් සහ රෆ් ලෙමන් ග්‍රාහක වලට බද්ධ කල දොඩම්, මෙම වෛරස් රෝගයට ඔරොත්තු දේ.

රක්ත පටල රෝගය

ආසාදිත කොටස්වල රෝස පැහැති දිලීර දැකිය හැකිය. ආසාදිත කොටස් කපා ඉවත් කරන්න . නිර්දේශිත දිලීරනාශක  යොදන්න






මයිටාවන්


වියළි කාලයේදී සල්පර් යොදන්න.








කූඩිත්තන්


නිර්දේශිත කෘමිනාශකයක් යොදා පාලනය කරන්න.











No comments:

Post a Comment