Sunday, November 6, 2016

ඇපල් වගා කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න

ඉතාමත් ආකර්ශනීය පැහැයෙන් සහ මිහිරි රසයෙන් යුත් ඇපල්, ඉතාමත් වැදගත් සෞම්‍ය කලාපීය පළතුරකි. ලොව නිෂ්පාදනය අතින් සැලකූවිට, දොඩම් , කෙසෙල් , මිදී ළඟට හතරවැනි ස්ථානයට ගැනේනනේ ඇපල්ය. ලොවේ විශාලතම නිෂ්පාදකයා වන්නේ චීනයයි. හෘද රෝග , මොලයේ රෝග , දියවැඩියාව , පිළිකා වැනි රෝග සඳහා ගුණදායක ඇපල් ශ්‍රී ලංකාවේත් හොඳින් වගාකිරීමේ හැකියාව ඇත.



අවශ්‍ය දේශගුණය

ඇපල්වල මල් හට ගැනීම සඳහා සීතල දේශගුණයක් අවශ්‍ය වේ. වාර්ෂික වර්ෂාපතනය සෙ.මී 100-125 පමණ සෑහේ. නිතර වැස්ස සහ මීදුම ඇති විට ගෙඩිවල පැහැය අඩුවන අතර  දිලීර ලප ඇති විය හැකි.


පස

කාබනික ද්‍රව්‍ය වැඩි, හොදින් ජලය බැස යන ලෝම පසක් වගාව සදහා සුදුසුයි. පීඑච් අගය 5.5 - 6.5 අතර තිබිය යඅතු වේ .

ප්‍රභේද





           රාගල ඇපල්

එලිසන් ඔරේන්ජ් ඇපල්


       ඩෝසට් ගෝල්ඩන් ඇපල් 






ෆුජි ඇපල්

රාගල ඇපල්, ඇනා, ඩෝර්සට් ගෝල්ඩන්, ගොල්ඩන් ඩිලිෂියස්, ෆූජි වැනි ඇපල් වර්ග ශ්‍රී ලංකාවේ සාර්ථකව වගා කරයි. ඇනා වගා කිරීමේ දී පරාගනය සඳහා ගෝල්ඩන් ඩිලීෂයස් වර්ගයේ පැල කිහිපයක් ද වගා කල යුතු වේ.


රෝපණ ද්‍රව්‍ය


බද්ධ පැල, අතු පැල සහ බීජ පැල සිටුවීම සඳහා යොදා ගනී. පැල බද්ධ කිරීමේදී ජිහ්වා බද්ධය යොදා ගනී. බීජ මඟින් පැල නිපදවීමේ දී වෙළඳපෙලොන් ඇපල් ගෙඩි කිහිපයක් මිළදී ගන්න. ගෙඩි දෙකට කපා ප්‍රවේශමෙන් මැද ඇති බීජ වෙන්කර ගන්න. බීජ ටිෂු කඩදාසියක ඔතා බෝතලයකට දමා කට වසා මාස තුනක් පමණ ශීතකරණයේ අධි ශීත කොටසේ තබන්න. ඉන්පසු බෝතලයක යටට ටිෂු කඩදාසියක් එලා , මත බීජ තැන්පත් කර ජලයෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. බෝතලය වසා ආලෝකය වැටෙන සේ ජනේලයක් වැනි ස්ථානයක තබන්න. පැලවෙන බීජ කුඩා බඳුන් වල සිටුවා, විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින් පැලය වේලීමට නොදී වසා තබන්න.


පැල කේෂ්ත්‍රයේ සිටුවීම

පැල අතර පරතරය මී. 3.5 x 4 වන සේ වලවල් කපා සිටුවන්න . හෙක්ටයාර එකකට පැල 714 ක් පමණ අවශ්‍ය වෙනවා. බෑවුම් සහිත ඉඩම් වල සමෝච්ච රේඛා දිගේ පැල සිටු වන්න. මීටර් එකක, දිග පළල හා ගැඹුරැති වලවල් කපා එයට ගොම හෝ කාබනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30-40 ක් දමන්න. ටීඑස්පී පොහොර ග්රෑම් 500 ක් එක් කර කලවම් කර පැල සිටුවන්න . පැල සිටවූ වහාම ජලය සපයන්න .


පොහොර යෙදීම

වසරක් පාසා කාබනික පොහොර කිලෝග්‍රෑම් 10 බැඟින් වැඩි කරමින් යොදන්න. පැලයකට මාස හතරනට වරක් යූරියා ග්රෑම් 40 ක්, ටීඑස්පී ග්රෑම් 20 ක් සහ එම්ඕපී ග්රෑම් 30 බැගින්, වසරක් පාසා එම ප්‍රමාණය වැඩි කරමින් යොදන්න. අවුරුදු 10 දී,එක් ගසකට, මාස හතරකට වතාවක් යූරියා ග්රෑම් 375 ක්, ටීඑස්පී ග්රෑම් 185 ක් එම්ඕපී ග්රෑම් 280 ක් යොදන්න. ගෙඩි අඩු සංඛ්‍යාවක් හට ගෙන ඇති විට, මාස හතරෙන් හතරට යූරියා ග්රෑම් 275 ක්, ටීඑස්පී ග්රෑම් 135 ක් හා එම්ඕපී 170 ක් ගසකට යොදන්න .


ජලය සැපයීම

වාර්ෂිකව ජලය සෙ.මී.115 ක් පමණ අවශ්‍ය වේ. වියළි කාලවලදී දින 6-10 ක කාලාන්තරයකින් ජල සම්පාදනය කරන්න. කුඩා ගෙඩි හට ගෙන ඇති අවස්ථාවෙදී සති පතා ජලය සැපයීම අත්‍යාවශය. වියළි කොළ හෝ පිදුරු යොදා පැල වටා වසුන් කිරීමෙන් පාංශු තෙතමනය ආරක්ෂා කර ගත හැක.


ගස් කප්පාදු කිරීම හා පුහුණු කිරීම

ඇපල් ගස් මනා අයුරින් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම බලන්න.



පළිබෝධකයින්

ඇපල් කූඩිත්තන් (Eriosoma lanigerum) බෝවීමට පෙර අත්ත සමග කඩා කේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න.


රෝග

ඇපල් කබොළු රෝගය (Venturia inaequalis), රක්තපටල රෝගය, පාදස්ථ කුණුවීම ආදි රෝග පාලනය කිරීමට කාර්බෙන්ඩසිම්, කොපර් ඔක්ෂික්ලෝරයිඩ්, මැන්කොසෙබ් වැනි දිලීරනාශක නිර්දේශිත ප්‍රමාණවලින් යොදන්න.


ගෙඩි හැලීම

අවස්ථා තුනකදී ඇපල් ගෙඩි හැළීම දක්නට ලැබේ.
i. පරාගනය නොවූ මල්වලින් හට ගන්නා කුඩා ගෙඩි හැළී යෑම.
ii. පාංශු තෙතමනය අඩුවීම සහ වැඩිපුර ගෙඩිසෑදී ඇති විට ගෙඩි හැළීම .
iii. අස්වනු නෙළීමට පෙර ගෙඩි වැටීම. මේ සඳහා නැප්තයිල් ඇසිටික් ඇසිට් වතුර ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් වන සේ මිශ්‍ර කර ගෙඩි වැටීමට සතියකට පමණ පෙර ගසට යෙදීම



අස්වනු නෙළීම

සිටුවා අවුරුදු 8 සිට අවුරුදු 30 දක්වා හොද අස්වැන්නක් ලබා ගත හැකිය. හොඳින් මේරූ ගෙඩි නෙලා ගත හැකිය. හෙක්ටයාර එකකට අස්වැන්න කිලෝග්‍රෑම් 5000 - 6000 ක පමණ වේ.


පසු අස්වනු කලමනාකරණය

i. ශීත කිරීම 
අස්වැන්න නෙලාගත් විගස වාතාශ්‍රය ඇති සිසිලි ස්ථානයක ශීතල වීමට තබන්න .

ii. වර්ග කිරීම
A, B, C, AA, AAA ආදි වශයෙන් ගෙඩිවල ප්‍රමාණය අනුව වර්ග කිරීම කෙරේ.

iii.ඇසුරුම් කිරීම
එක් ලෑලි පෙට්ටියක ගෙඩි කිලෝග්‍රෑම් 10-20 ඇසිරීම කලහැක.


Apple cultivation in Sri Lanka


Low chilling apple varieties such as Anna, Dorset Golden, Golden Delicious, Fuji, Ragala etc. can be grown successfully in central hilly area of Sri Lanka. It is important to select site having loamy soil rich organic matters and good drainage. Timely plant training, pruning fertilizer applications, irrigation, control  ද‍ෙpest and diseases are more important for successful cultivation .

4 comments:

  1. can we buy apple seeds in Sri Lanka?

    ReplyDelete
  2. The King Casino | Review of Casino | RTP - Joker
    The king 바카라 casino review - https://sol.edu.kg/ everything you wooricasinos.info need to know about this popular casino. It's all about quality and https://jancasino.com/review/merit-casino/ quantity. aprcasino

    ReplyDelete