Sunday, November 6, 2016

පෙයාර්ස් වගාකිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න




ඇපල් ලඟට වඩාත්ම වැදගත්වන පළතුරක් වශයෙන් සලකන්නේ පෙයාර්ස්ය. අප රටේ සීතල ප්‍රදේශවල වගා කල හැකිය. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට පෙයාර්ස්වලට හැකි අතර රුධිර පීඩනය පාලනය, පිළිකා , කොලෙස්ටරෝල් , මලබද්ධය, උණ, ආසාදනයන්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ව සදහා ද ගුණදායක වේ.



දේශගුණය

මල්හට ගැනීම සඳහා සීතල දේශගුණය අවශ්‍ය වේ. එබැවින් මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 වඩා වැඩි ප්‍රදේශවල වගා කරයි.


පස

හොඳින් ජලය බැසයන මැටි පසක් වඩාත් යෝග්‍යයි. පසේ වැඩි තෙතමනයට ඔරොත්තු දෙන නමුත් නියඟ තත්ව වලට ඔරොත්තු නොදේ. පීඑච් අගය 5.5 - 7.5 ක් වන පසේ ගැඹුර සෙ.මී.170-180 ක් වන ඉඩම් පෙයාර්ස් වගාව සඳහා යෝග්‍ය වේ.


රෝපණ ද්‍රව්‍ය

බද්ධ පැල, අතු පැල සහ බීජ පැල සිටුවීම සඳහා යොදා ගනී. පැල බද්ධ කිරීමේදී ජිහ්වා බද්ධය යොදා ගනී. බීජ මඟින් පැල නිපදවීමේ දී වෙළඳපෙලොන් පෙයාර්ස් ගෙඩි කිහිපයක් මිළදී ගන්න. ගෙඩි දෙකට කපා ප්‍රවේශමෙන් මැද ඇති බීජ වෙන්කර ගන්න. බීජ ටිෂු කඩදාසියක ඔතා බෝතලයකට දමා කට වසා මාස තුනක් පමණ ශීතකරණයේ අධි ශීත කොටසේ තබන්න. ඉන්පසු බෝතලයක යටට ටිෂු කඩදාසියක් එලා , මත බීජ තැන්පත් කර ජලයෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. බෝතලය වසා ආලෝකය වැටෙන සේ ජනේලයක් වැනි ස්ථානයක තබන්න. පැලවෙන බීජ කුඩා බඳුන් වල සිටුවා, විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින් පැලය වේලීමට නොදී වසා තබන්න.


පැල සිටුවීම

පැල සහ පේලි අතර මීටර් 4 x 4 පරතරයක් සිටින සේ පැල සිටුවන්න. මීටර් එකක් දිග, පළල හා ගැඹුර තිබෙන සේ වලවල් කපා එයට ගොම හෝ කාබනික ද්‍රව්‍ය කිලෝ 10 ක් එක් කරන්න. මෙයට ටීඑස්පී පොහොර ග්රෑම් 75 ක්, එම්ඕපී ග්රෑම් 110 ක් එක් කරන්න . යූරියා ග්රෑම් 75 ක් මාස හයකට වරක් යොදන්න . වාර්ෂිකව මෙම ප්‍රමාණය වැඩි කරමින් යොදන්න . පැල සිටවූ විගස ජලය සපයන්න. පැල වටා ජලය රැදීමට බේසමක් පස් සකසන්ක.


ගස් කප්පාදු කිරිම

පෙයාර්ස් ගස් මනා අයුරින් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම බලන්න.


පොහොර යෙදීම

අවුරුදු 10 ක් වයැසති ගසකට ගොම හෝ කාබනික පොහොර  කිලෝග්‍රෑම් 80-90 ක්, ටීඑස්පී ග්රෑම් 750 ක්, එම්ඕපී ග්රෑම් 1100 යොදන්න . මල් හට ගැනීමට සති තුනකට පමණ පෙර යූරියා ග්රෑම් 750 ක් සහ ගෙඩි හට ගත් පසු යූරියා ග්රෑම් 750 ක් යෙදිමට අවශ්‍ය වේ.


ජලසම්පාදනය

පැල සිටුවීමට පෙර වලවල්වල ජලය සපයන්න. පැල සෑදූ විගසත් ජලය දමන්න. පැල සිටුවා දින 2-3  කින් ඊළඟට වතුර දමන්න. ඉන්පසු අවශ්‍ය විටක ජලය සපයන්න. පසේ මීටර් එක හමාරක් පමණ ගැඹුර හොඳ තෙතමනයක් තිබිය යුතු වේ. අස්වනු නෙලා අවසන් වූ පසු සති තුනකට වරක් ජලය යෙදීම සෑහේ.



වල් පැල මර්දනය

උදළු ගෑමෙන් වල් පාලනය කල හැකි. උදළු ගෑමෙන් හෝ වල්නාශක යෙදීමෙන් පසු පස මතට ඩයියුරෝන් පූර්ව නිර්ගමන වල්නාශකය යෙදිය හැක. ඩයියුරෝන් ග්රෑම් 60-80 ක් ජලය ලීටර් 10 ක දියකර හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 3-4 ක් පමණ යෙදිම අවශ්‍යයි. ඩයියුරෝන් යෙදූ පසු වැස්ස නොමැති නම් පස මතට ජලය ඉසින්න. පළමු යෙදීමෙන් පසු මාස තුනකින් පසු නැවත කුඩා වල් මතට ඩයියුරෝන් යෙදීමෙන් වල් පැලෑටි පාලනය කල හැකිය.


අස්වනු නෙලීම

හොදින් මේරූ ගෙඩි කඩා ගන්න. ඈත වෙළදපොලක් වෙත යැවීමට නම් කොල පැහැති තද ගෙඩි කඩා ගන්න. හෙක්ටයාර එකකින් කිලෝග්‍රෑම් 30000-40000 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි වේ.



Pear production in Sri Lanka


Pear can be grown successfully in hilly area in Sri Lanka. Low chilling required varieties are suitable to Sri Lanka. It can grow well in wet soil but less tolerance to drought. Timely irrigation, pruning and training of plants, fertilizer application and pest and diseases control are the key points to consider for successful crop.

No comments:

Post a Comment