Sunday, November 6, 2016

ඇපල් සහ පෙයාර්ස්වල කබොළු රෝගය පාලනය කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න


ඇපල් කබොළු රෝගය Venturia inaequalis නම් දිලීරය මගින් හට ගන්නා අතර පෙයාර්වල Venturia prina නම් දිලීරයෙන් සෑදේ.


රෝග ලක්ෂණ

පත්‍රවල යටි පැත්තේ විශාල දුඹුරැ පැහැ ආසාදන ඇති වී, පත්‍ර මතුපිට දක්වා ව්‍යාප්ත වේ. පත්‍ර හැකිළී හැලීම සිදු වේ.
ගෙඩිවල දුඹුරු පැහැ සාදන ඇති වී පසුව කළු පැහැ වේ. ගෙඩි පැලීම ද සිදුවේ .




පාලනය

ආසාදිත පත්‍ර එකතු කර පුළුස්සා දමන්න. පහත පරිදි දිලීරනාශක යොදන්න.



1. රිදී පැහැති මල් පොහොට්ටු අවස්ථාවේ දී

ක්ලෝරොතැලෝනිල් ග්රෑම් 40 ක් ජලය ලීටර් 10 හෝ මැන්කොසෙබ් ග්රෑම් 40 ක් ජලය ලීටර් 10  හෝ කැප්ටාන් ග්රෑම් 30 ක් ජලය ලීටර් 10 දියකර ගසට ඉසින්න.



2. රෝස පැහැති මල්පොහොට්ටු ඇති අවස්ථාවේ දී

මැන්කොසෙබ් ග්රෑම් 30 ක් සහ සල්පර් ග්රෑම් 20 ක් ජලය ලීටර් 10 දියකර ඉසීම



3. මල් පෙති හැලෙන අවස්ථාවෙදී

කාබෙන්ඩිසිම් ග්රෑම් 5 ක් ජලය ලීටර් 10 ක දියකර යෙදීම



4. ඵල හට ගන්නා අවධියේදී

බීටර්ටැනෝල් ග්රෑම් 7.5 හෝ මැන්කොසෙබ් ග්රෑම් 30 ක් හෝ කැප්ටාන් ග්රෑම් 30 ක් හෝ ජලය ලීටර් 10 දිකර ඉසින්න.



5. ඵල වර්ධනය වන අවස්දීවේ දී

කාබෙන්ඩිසිම් ග්රෑම් 2.5 හෝ තයෝපනේට් මීතයිල් ග්රෑම් 2.5 ක් සහ මැන්කොසෙබ් ග්රෑම් 25 ක් හෝ කැප්ටාන් ග්රෑම් 30 ක් හෝ ජලය ලීටර් 10  දියකර ඉසීම



6. ඵල වර්ධනය වන අවස්ථාවේදී  (දින14 පසු)

මැන්කොසෙබ් ග්රෑම් 30 ක් හෝ බීටර්ටැනෝල් ග්රෑම් 7.5 ක් හෝ කැප්ටාන් ග්රෑම් 30 ක් හෝ ජලය ලීටර් 10 දියකර යෙදීම



7. අස්වැන්න නෙළීමට දින 20-25 කට පෙර

මැන්කොසෙබ් හෝ කැප්ටාන් ග්රෑම් 30 ක් ජලය ලීටර් 10  දියකර ඉසින්න.



8. ත්‍ර හැලීමට පෙර


යූරියා ග්රෑම් 500 ක් ජලය ලීටර් 10 ක දියකර යෙදීම 

ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම

ආචාර්ය පී.ඩී. අබේතිලකරත්න



ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීමේදී හොදින් හිරුඑළිය වැටෙන සේ ගසේ වියන කේතුවක ආකාරයට සකසා ගත යුතු වේ. පුහුණු නොකල ගස්, අවුරුදු 5 කින් පමණ පසු පුහුණු කිරීමට යෑමෙන් අස්වනු හානියක් සිදු වේ. ගස මේරීම සිදුවන තෙක් පුහුණු කිරීම අවශ්‍යයි.



ඵල නොදරන ගස් පුහුණුව හා කප්පාදුව

 ගස් කප්පාදුව නිසා මල් හට ගැනීම ප්‍රමාද වේ. එම නිසා මෙම කාලායේ දී අනවශ්‍ය අතු ඉවත් කිරීම සිදු කරයි.



පළමු වර්ෂයේදී

පැලයේ අඩියක් පමණ උසින් කපා දමන්න . බිම සිට අඟල් 24-26 ක් උසින් ඇතිවන රිකිලි ඉතිරි කර ඊට ඉහළින් සහ පහළින් ඇති අතු ඉවත් කරන්න. මීට ඉහලින් සහ පහළින් පමණක් ත්නම් අතු සියල්ල ඉවත් කර නැවත අඩියක් පමණ උසින් කඳ කපන්න. වැඩුණු අතුවල 1/3 පමණ අග කොටස කපා දමන්න. අඟල් 24-40 වඩා පහලින් හෝ ඉහළින් පිහිටි අතු ඉවත් කරන්න.
කඳ කැපූ ස්ථානයට අඟල් 4-8 ක් පමණ පහළින් වැඩෙන හොඳ රිකිල්ලක් තෝරා ඉහලට වැඩීමට සලස්වන්න. ප්‍රධාන කඳට පටු කෝණයකින් සම්බන්ධවන අතු ද ඉවත් කරන්න. මේවා අඟල් 3-6  ක් පමණ වන විට ඉවත් කිරීම සුදුසුය. කඳේ අඟල් 18 ක් පමණ පහළින් පිහිටි රිකිලි ද ඉවත් කරන්න. ප්‍රධාන කඳට හා අතු අතර කුඩා ලී පටි හෝ ටූත් පික් රැදවීමෙන්, අතු විහිදා වැඩීමට සැලැස්විය හැකි වේ. අතුවලට නූල් හෝ වයර් බැද, කූඤ්ඤවලට තබා ගට ගැසීමෙන්, අතු ප්‍රධාන කඳ සමඟ අංශක 40-60 ක් පමණ තිබෙන සේ විහිදී වැඩීමට සැලැස්විය හැකි වේ.



දෙවැනි වර්ෂයේදී

ප්‍රධාන කඳේ හා අතු වලින් සිරස්ව වැඩෙන අඟල් 4-5 දිග වැඩිපුර රිකිලි ඉවත් කරන්න. ඉතිරිවන අතු වලට ටූත් පික් රැදවීමෙන් විහිද වැඩීමට සැලැස්විය හැක. ප්‍රධාන කඳ සමඟ පටු කෝණයකින් සම්බන්ධවන අතු ඉවත් කරන්න . ඉහලට වැඩීමට සැලැස්සූ අත්තේ 1/4 - 1/3 ක කොටසක් ඉහළින් කපා දමන්න.



තුන්වන වර්ෂයේදී

දෙවැනි වර්ෂයේදී මෙන් කප්පාදු කරන්න. තිරස්ව වැඩෙන දිය රිකිලි ඉවත් කරන්න.



හතර වැනි වර්ෂයේදී

සෙමෙන් වැඩෙන, පැන්සලක පමණ මහතට අඩු හෝ දිග අඟල් 18 ට අඩු දි රිකිලි ඉතිරි කල හැකි වේ. සිරස් අතට වැඩෙන අතු පහත් කර නූල්වලින් ගැට ගැසීම  සිදු කෙරේ.



පස්වැනි වර්ෂයේ සිට

ප්‍රධාන කඳ කෙරෙහි සහ ගසේ මුදුන කෙරෙහි එතරම් අවධානයක් අවශ්‍ය නැත. කෝණාකාරව ගසේ වියන සකසා ගත යුතු වේ. ගසේ මුදුන, අළුත් පැලයක් සේ සලකා පුහුණු කිරීම වැදගත්. ගසේ ඉහළ අර්ධයේ පිහිටි ඉක්මනින් වැඩෙන අතු ඉවත් කිරීමෙන් මුදුන පටු ලෙස සකසා ගත හැකි වේ. ඉහලට වැඩීමට හරින ලද කඳේ කොටසක් කැපීමෙන් උස පාලනය කල හැකිය. අතු කැපීමේ දී කුඩා කොටසක් ඉතිරිවන අයුරින් කැපීමෙන් , එම ස්ථාන වලින් අළුත් රිකිලි හට ගැනීම සිදු වේ.



මේරූ ගස් කප්පාදුව


අඩු අස්වැන්නක් තිබීම, නයිට්‍රජන් පොහොර සහ කප්පාදුව නිසා ගසේ වර්ධනය වේගවත් වේ. දැඩි කප්පාදුවකට පෙර නයිට්‍රජන් පොහොර අඩු කරන්න. සිරස්ව උඩට වැඩෙන අතු, තිරස් අතුවලට තබා ගැට ගසන්න. 

පෙයාර්ස් වගාකිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න




ඇපල් ලඟට වඩාත්ම වැදගත්වන පළතුරක් වශයෙන් සලකන්නේ පෙයාර්ස්ය. අප රටේ සීතල ප්‍රදේශවල වගා කල හැකිය. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට පෙයාර්ස්වලට හැකි අතර රුධිර පීඩනය පාලනය, පිළිකා , කොලෙස්ටරෝල් , මලබද්ධය, උණ, ආසාදනයන්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ව සදහා ද ගුණදායක වේ.



දේශගුණය

මල්හට ගැනීම සඳහා සීතල දේශගුණය අවශ්‍ය වේ. එබැවින් මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 වඩා වැඩි ප්‍රදේශවල වගා කරයි.


පස

හොඳින් ජලය බැසයන මැටි පසක් වඩාත් යෝග්‍යයි. පසේ වැඩි තෙතමනයට ඔරොත්තු දෙන නමුත් නියඟ තත්ව වලට ඔරොත්තු නොදේ. පීඑච් අගය 5.5 - 7.5 ක් වන පසේ ගැඹුර සෙ.මී.170-180 ක් වන ඉඩම් පෙයාර්ස් වගාව සඳහා යෝග්‍ය වේ.


රෝපණ ද්‍රව්‍ය

බද්ධ පැල, අතු පැල සහ බීජ පැල සිටුවීම සඳහා යොදා ගනී. පැල බද්ධ කිරීමේදී ජිහ්වා බද්ධය යොදා ගනී. බීජ මඟින් පැල නිපදවීමේ දී වෙළඳපෙලොන් පෙයාර්ස් ගෙඩි කිහිපයක් මිළදී ගන්න. ගෙඩි දෙකට කපා ප්‍රවේශමෙන් මැද ඇති බීජ වෙන්කර ගන්න. බීජ ටිෂු කඩදාසියක ඔතා බෝතලයකට දමා කට වසා මාස තුනක් පමණ ශීතකරණයේ අධි ශීත කොටසේ තබන්න. ඉන්පසු බෝතලයක යටට ටිෂු කඩදාසියක් එලා , මත බීජ තැන්පත් කර ජලයෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. බෝතලය වසා ආලෝකය වැටෙන සේ ජනේලයක් වැනි ස්ථානයක තබන්න. පැලවෙන බීජ කුඩා බඳුන් වල සිටුවා, විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින් පැලය වේලීමට නොදී වසා තබන්න.


පැල සිටුවීම

පැල සහ පේලි අතර මීටර් 4 x 4 පරතරයක් සිටින සේ පැල සිටුවන්න. මීටර් එකක් දිග, පළල හා ගැඹුර තිබෙන සේ වලවල් කපා එයට ගොම හෝ කාබනික ද්‍රව්‍ය කිලෝ 10 ක් එක් කරන්න. මෙයට ටීඑස්පී පොහොර ග්රෑම් 75 ක්, එම්ඕපී ග්රෑම් 110 ක් එක් කරන්න . යූරියා ග්රෑම් 75 ක් මාස හයකට වරක් යොදන්න . වාර්ෂිකව මෙම ප්‍රමාණය වැඩි කරමින් යොදන්න . පැල සිටවූ විගස ජලය සපයන්න. පැල වටා ජලය රැදීමට බේසමක් පස් සකසන්ක.


ගස් කප්පාදු කිරිම

පෙයාර්ස් ගස් මනා අයුරින් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම බලන්න.


පොහොර යෙදීම

අවුරුදු 10 ක් වයැසති ගසකට ගොම හෝ කාබනික පොහොර  කිලෝග්‍රෑම් 80-90 ක්, ටීඑස්පී ග්රෑම් 750 ක්, එම්ඕපී ග්රෑම් 1100 යොදන්න . මල් හට ගැනීමට සති තුනකට පමණ පෙර යූරියා ග්රෑම් 750 ක් සහ ගෙඩි හට ගත් පසු යූරියා ග්රෑම් 750 ක් යෙදිමට අවශ්‍ය වේ.


ජලසම්පාදනය

පැල සිටුවීමට පෙර වලවල්වල ජලය සපයන්න. පැල සෑදූ විගසත් ජලය දමන්න. පැල සිටුවා දින 2-3  කින් ඊළඟට වතුර දමන්න. ඉන්පසු අවශ්‍ය විටක ජලය සපයන්න. පසේ මීටර් එක හමාරක් පමණ ගැඹුර හොඳ තෙතමනයක් තිබිය යුතු වේ. අස්වනු නෙලා අවසන් වූ පසු සති තුනකට වරක් ජලය යෙදීම සෑහේ.



වල් පැල මර්දනය

උදළු ගෑමෙන් වල් පාලනය කල හැකි. උදළු ගෑමෙන් හෝ වල්නාශක යෙදීමෙන් පසු පස මතට ඩයියුරෝන් පූර්ව නිර්ගමන වල්නාශකය යෙදිය හැක. ඩයියුරෝන් ග්රෑම් 60-80 ක් ජලය ලීටර් 10 ක දියකර හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 3-4 ක් පමණ යෙදිම අවශ්‍යයි. ඩයියුරෝන් යෙදූ පසු වැස්ස නොමැති නම් පස මතට ජලය ඉසින්න. පළමු යෙදීමෙන් පසු මාස තුනකින් පසු නැවත කුඩා වල් මතට ඩයියුරෝන් යෙදීමෙන් වල් පැලෑටි පාලනය කල හැකිය.


අස්වනු නෙලීම

හොදින් මේරූ ගෙඩි කඩා ගන්න. ඈත වෙළදපොලක් වෙත යැවීමට නම් කොල පැහැති තද ගෙඩි කඩා ගන්න. හෙක්ටයාර එකකින් කිලෝග්‍රෑම් 30000-40000 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි වේ.



Pear production in Sri Lanka


Pear can be grown successfully in hilly area in Sri Lanka. Low chilling required varieties are suitable to Sri Lanka. It can grow well in wet soil but less tolerance to drought. Timely irrigation, pruning and training of plants, fertilizer application and pest and diseases control are the key points to consider for successful crop.

ඇපල් වගා කිරීම

ආචාර්ය පී.ඩී.අබේතිලකරත්න

ඉතාමත් ආකර්ශනීය පැහැයෙන් සහ මිහිරි රසයෙන් යුත් ඇපල්, ඉතාමත් වැදගත් සෞම්‍ය කලාපීය පළතුරකි. ලොව නිෂ්පාදනය අතින් සැලකූවිට, දොඩම් , කෙසෙල් , මිදී ළඟට හතරවැනි ස්ථානයට ගැනේනනේ ඇපල්ය. ලොවේ විශාලතම නිෂ්පාදකයා වන්නේ චීනයයි. හෘද රෝග , මොලයේ රෝග , දියවැඩියාව , පිළිකා වැනි රෝග සඳහා ගුණදායක ඇපල් ශ්‍රී ලංකාවේත් හොඳින් වගාකිරීමේ හැකියාව ඇත.



අවශ්‍ය දේශගුණය

ඇපල්වල මල් හට ගැනීම සඳහා සීතල දේශගුණයක් අවශ්‍ය වේ. වාර්ෂික වර්ෂාපතනය සෙ.මී 100-125 පමණ සෑහේ. නිතර වැස්ස සහ මීදුම ඇති විට ගෙඩිවල පැහැය අඩුවන අතර  දිලීර ලප ඇති විය හැකි.


පස

කාබනික ද්‍රව්‍ය වැඩි, හොදින් ජලය බැස යන ලෝම පසක් වගාව සදහා සුදුසුයි. පීඑච් අගය 5.5 - 6.5 අතර තිබිය යඅතු වේ .

ප්‍රභේද





           රාගල ඇපල්

එලිසන් ඔරේන්ජ් ඇපල්


       ඩෝසට් ගෝල්ඩන් ඇපල් 






ෆුජි ඇපල්

රාගල ඇපල්, ඇනා, ඩෝර්සට් ගෝල්ඩන්, ගොල්ඩන් ඩිලිෂියස්, ෆූජි වැනි ඇපල් වර්ග ශ්‍රී ලංකාවේ සාර්ථකව වගා කරයි. ඇනා වගා කිරීමේ දී පරාගනය සඳහා ගෝල්ඩන් ඩිලීෂයස් වර්ගයේ පැල කිහිපයක් ද වගා කල යුතු වේ.


රෝපණ ද්‍රව්‍ය


බද්ධ පැල, අතු පැල සහ බීජ පැල සිටුවීම සඳහා යොදා ගනී. පැල බද්ධ කිරීමේදී ජිහ්වා බද්ධය යොදා ගනී. බීජ මඟින් පැල නිපදවීමේ දී වෙළඳපෙලොන් ඇපල් ගෙඩි කිහිපයක් මිළදී ගන්න. ගෙඩි දෙකට කපා ප්‍රවේශමෙන් මැද ඇති බීජ වෙන්කර ගන්න. බීජ ටිෂු කඩදාසියක ඔතා බෝතලයකට දමා කට වසා මාස තුනක් පමණ ශීතකරණයේ අධි ශීත කොටසේ තබන්න. ඉන්පසු බෝතලයක යටට ටිෂු කඩදාසියක් එලා , මත බීජ තැන්පත් කර ජලයෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. බෝතලය වසා ආලෝකය වැටෙන සේ ජනේලයක් වැනි ස්ථානයක තබන්න. පැලවෙන බීජ කුඩා බඳුන් වල සිටුවා, විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින් පැලය වේලීමට නොදී වසා තබන්න.


පැල කේෂ්ත්‍රයේ සිටුවීම

පැල අතර පරතරය මී. 3.5 x 4 වන සේ වලවල් කපා සිටුවන්න . හෙක්ටයාර එකකට පැල 714 ක් පමණ අවශ්‍ය වෙනවා. බෑවුම් සහිත ඉඩම් වල සමෝච්ච රේඛා දිගේ පැල සිටු වන්න. මීටර් එකක, දිග පළල හා ගැඹුරැති වලවල් කපා එයට ගොම හෝ කාබනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30-40 ක් දමන්න. ටීඑස්පී පොහොර ග්රෑම් 500 ක් එක් කර කලවම් කර පැල සිටුවන්න . පැල සිටවූ වහාම ජලය සපයන්න .


පොහොර යෙදීම

වසරක් පාසා කාබනික පොහොර කිලෝග්‍රෑම් 10 බැඟින් වැඩි කරමින් යොදන්න. පැලයකට මාස හතරනට වරක් යූරියා ග්රෑම් 40 ක්, ටීඑස්පී ග්රෑම් 20 ක් සහ එම්ඕපී ග්රෑම් 30 බැගින්, වසරක් පාසා එම ප්‍රමාණය වැඩි කරමින් යොදන්න. අවුරුදු 10 දී,එක් ගසකට, මාස හතරකට වතාවක් යූරියා ග්රෑම් 375 ක්, ටීඑස්පී ග්රෑම් 185 ක් එම්ඕපී ග්රෑම් 280 ක් යොදන්න. ගෙඩි අඩු සංඛ්‍යාවක් හට ගෙන ඇති විට, මාස හතරෙන් හතරට යූරියා ග්රෑම් 275 ක්, ටීඑස්පී ග්රෑම් 135 ක් හා එම්ඕපී 170 ක් ගසකට යොදන්න .


ජලය සැපයීම

වාර්ෂිකව ජලය සෙ.මී.115 ක් පමණ අවශ්‍ය වේ. වියළි කාලවලදී දින 6-10 ක කාලාන්තරයකින් ජල සම්පාදනය කරන්න. කුඩා ගෙඩි හට ගෙන ඇති අවස්ථාවෙදී සති පතා ජලය සැපයීම අත්‍යාවශය. වියළි කොළ හෝ පිදුරු යොදා පැල වටා වසුන් කිරීමෙන් පාංශු තෙතමනය ආරක්ෂා කර ගත හැක.


ගස් කප්පාදු කිරීම හා පුහුණු කිරීම

ඇපල් ගස් මනා අයුරින් කප්පාදු කිරීම සහ පුහුණු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ඇපල් සහ පෙයාර්ස් ගස් පුහුණු කිරීම සහ කප්පාදු කිරීම බලන්න.



පළිබෝධකයින්

ඇපල් කූඩිත්තන් (Eriosoma lanigerum) බෝවීමට පෙර අත්ත සමග කඩා කේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න.


රෝග

ඇපල් කබොළු රෝගය (Venturia inaequalis), රක්තපටල රෝගය, පාදස්ථ කුණුවීම ආදි රෝග පාලනය කිරීමට කාර්බෙන්ඩසිම්, කොපර් ඔක්ෂික්ලෝරයිඩ්, මැන්කොසෙබ් වැනි දිලීරනාශක නිර්දේශිත ප්‍රමාණවලින් යොදන්න.


ගෙඩි හැලීම

අවස්ථා තුනකදී ඇපල් ගෙඩි හැළීම දක්නට ලැබේ.
i. පරාගනය නොවූ මල්වලින් හට ගන්නා කුඩා ගෙඩි හැළී යෑම.
ii. පාංශු තෙතමනය අඩුවීම සහ වැඩිපුර ගෙඩිසෑදී ඇති විට ගෙඩි හැළීම .
iii. අස්වනු නෙළීමට පෙර ගෙඩි වැටීම. මේ සඳහා නැප්තයිල් ඇසිටික් ඇසිට් වතුර ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් වන සේ මිශ්‍ර කර ගෙඩි වැටීමට සතියකට පමණ පෙර ගසට යෙදීම



අස්වනු නෙළීම

සිටුවා අවුරුදු 8 සිට අවුරුදු 30 දක්වා හොද අස්වැන්නක් ලබා ගත හැකිය. හොඳින් මේරූ ගෙඩි නෙලා ගත හැකිය. හෙක්ටයාර එකකට අස්වැන්න කිලෝග්‍රෑම් 5000 - 6000 ක පමණ වේ.


පසු අස්වනු කලමනාකරණය

i. ශීත කිරීම 
අස්වැන්න නෙලාගත් විගස වාතාශ්‍රය ඇති සිසිලි ස්ථානයක ශීතල වීමට තබන්න .

ii. වර්ග කිරීම
A, B, C, AA, AAA ආදි වශයෙන් ගෙඩිවල ප්‍රමාණය අනුව වර්ග කිරීම කෙරේ.

iii.ඇසුරුම් කිරීම
එක් ලෑලි පෙට්ටියක ගෙඩි කිලෝග්‍රෑම් 10-20 ඇසිරීම කලහැක.


Apple cultivation in Sri Lanka


Low chilling apple varieties such as Anna, Dorset Golden, Golden Delicious, Fuji, Ragala etc. can be grown successfully in central hilly area of Sri Lanka. It is important to select site having loamy soil rich organic matters and good drainage. Timely plant training, pruning fertilizer applications, irrigation, control  ද‍ෙpest and diseases are more important for successful cultivation .